Sunday 10 April 2011

අත්වැරැද්දට දඩුවම්



ආලය ජීවිතය තරමටම සන්කීර්නය..
වටහා ගැනීම හෝ අර්තකතනය කිරීමට
දරන උත්සහයම උවද අර්තවිරහිතය
ප්‍රේමවන්තයන් කියාගන්නා වු ඔනැම කෙනෙකුට
ආලය හැගීමක් සේ විදිය හැකි උවද
එය දැසින් දැකිය හැක්කේ සැබැ ප්‍රේමවන්තයන්ට පමනි..!
සතුට, සිනහව,පිරුන සිත,ප්‍රොබොධය
වැඩෙන ආලයක මුල සේම
දුක,කදුල,පසුතැවිල්ල,මරනය
දක්වා උවද හේතු සාදක විය හැකිය
දුරකතනයක් නැති කෙනෙකු
අසම්පුර්නයෙකු සේ දැකීමට පුරුදු වී සිටින
වර්තමාන සමාජය තුල
රැල්ලට හසුවී ඔහේ පෙම්කරන්නන් නිසා
සැබැ ප්‍රෙමවන්තයෙකුට උවද තම හිතගිය තැනැත්තියට
ආදරය ප්‍රකශ කිරිමට ප්‍රතම
තම අනන්‍යතාව (රැල්ලට පෙමක්ද,සැබැ පෙමක්ද යන්න
 ඔප්පු කර දැක්වීමට සිදුවී තිබේ
එහේතුවෙන් තමාද රැවටේවියැයි බියෙන් පිරිසක්(ස්ත්‍රී)
ආලයට නතුවීමට දැඩි බියක් දක්වයි
එය විතර්කයෙන්ම සාධාරන අහින්සක පසුබැමකි
එහෙත් එවැනි අයෙකුට කොපමන අවන්ක ආලයක් ලැබුනද
යටි සිතේ ඇති බය නිසා
මනුශ්‍ය වර්ගයාට අත්වැරදිම් සිදුවිය හැකි බවත්
තමාට ආලය කරන්නාද මනුශ්‍ය ගති ඇත්තෙකු බවත්
අමතක කර දමයි
එහේතුවෙන් සුලු වචන අතපසු වීමක් හෝ අත්වැරදීමක් මාධ්‍යයෙහි උවද
ඇයට අගේ ආදරවන්තයා
එතෙක් දී ඇති මහත් වු ආදරය උවද
අමතක කර දැඩි පසුතැවීමට පත්ව
විහින් දුක් ලගාකරගනි,,
සමහරවිට එය ඇගේ කරුමයක් විය හැකිය.. :ඵ්
ඇය නොදන්නවා උවද
ඇයට පනමෙන් ආදරය කරන ඔහු
නිසා පසුතැවෙන තම ආදරවන්තිය
වෙනුවෙන් ඊට වඩා පසුතැවෙයි
එහෙත් මේ සියල්ල සුලු අත්වැරැද්දකටය,,
එය සම්පුර්නයෙන් වැරදිය
වරක් දෙවරක්නම් කම් නැත
ගැහැනියෙකුට තමන්ට ලැබෙන ආදරය තෙරුම් ගැනීමට
යම් කාලයක් අවැසි බව සැබැය එහෙත් ජීවිත කාලයම නොවේය
මිනිස් සමාජයේ සන්කීර්නම සත්වය වු ගැහැනියක
වු ඇයව ඔහු තෙරුම් ගත්තානම්
ඇයත් ඔහු තෙරුම්ගැනීමට උත්සහ කර
අන්‍යොන්‍ය සුලු ගැටලුවලට ප්‍රොබොදමත්ව සැහල්ලුව පිලිතුරු සෙවීම
දිර්ඝ කාලින ආලයකටත්
තම ප්‍රෙමවන්තයාගෙ ආදරය නොවෙනස්ව ලබාගැනීමටත්
හොද විකල්පයකි !
තාවකාලික සුලු වැරදි නිසා ඇය නිතරම තාවකාලික කලකිරිමට පත් වීම
වැඩි කාලයක් යාමට මත්තෙන් එය ඇයගේ ප්‍රේමවන්තයාගේ
සදාකාලික කලකිරිමට හේතු වන්නේය
දෙදෙනාම අත්විදින මානසික අපහසුතාවත්
ඔහු නිසා ඇය සිතින් දුක් විදින බවකුත් ඔහු සිතන්නට පටන් ගන්නේය
එය ඔහු ඇයගෙන් වෙන්වන්නට තබන මුල් පියවරයි
එහෙත් ඇයට ඔහුගෙන් තරම් වු ආදරයක්
ඉදිරියට කවරදාකවත් නොලැබෙනු ඇත ..!

සාමය සතුට ඇති තැන ඇත මිනිස් කම



රන්වන් අපේ ලක්පොලවට ගහල       ඇන
පරදේසින් කෙරුවත් අප රටට            වින
විස්කම් විකුම් ඉදිරියෙ හෙලයන්ගෙ    නැන
පොහොසත් කියන මේ රටවල් ගහයි     දන

දනය හා බලය දෙකටම ලොල් කරන      අය
එලොව හා මෙලොවට වෙයි නිකොරෝම නය
දැහැමින් රට දැයටම වැඩ කරන             අය
ජයගෙන මෙලොව සුරලොව යයි එවැනි   අය

යහපත් කියන ගති පැවතුම් වෙලා       වද
මිනිසා කියන අය තිරිසන් වෙලා         අද
මෙවැනි සිරිත් ඇරියොත් වැට කඩුලු    බිද
පැතිරිය හැකිය මුලු ලොව ලක් සින්හ   නද

ආවර්ජනාට ලියුවේ- යු.අතුල පෙරේරා (මගේ අප්පච්චී)

Friday 8 April 2011

හිග පිනට ඔබ අන් සතු මලක්... !


සිහිනෙකින් දුටු සිනාවක්
ලග
නැවතිලා හිත වතාවක්
අග
නොදැන ඇරබූ ප්‍රේමයක්
මග
නතර කරනට බැරි බවක්
වග
පසක් වනවිට  පමාවක්

සැලෙන ඔබ මල් වැහි පොදක්
ගග
ගලනවා වන් ස්නේහයක්
දග
කරන හැඩ මුතු කිරිල්ලක්
ලග
ඉන්න පැතුවද කල්පයක්
හිග
පිනට ඔබ අන් සතු මලක්

Thursday 24 March 2011

පවුල සතුටින් ඉන්න දවසක් අදත් හීනෙන් දකිනවා ...!


හැම පෝයටම වගේ
අදත් හද
ලස්සනට හිනාවෙනවා
අනිත් හැමදාම වගේ
අදත්  තාත්තා
අපිව අඩවනවා
පිලිකන්නේ නිදි බැල්ලි
තාත්තගේ ඉව අදුරනවා
සෙල්ලමේ උන් නන්ගි
අම්මගේ උකුලේ ගුලි වෙනවා
තාත්තට බයේ මමත්
කලුවරට මැදි වෙනවා
තාත්තගෙ ආදරේ
මත් වතුරෙ දියවෙලා
අම්මගේ දුක් කදුලු
අම්මටම හුරු වෙලා
මගෙයි නන්ගිගෙ ජීවිත
අතරමන් වී නැවතිලා
අපිට ණෑසෙන
අම්මගේ සුසුම්
කලුවරේම අදත්
බොද වෙලා
පවුල සතුටින් ඉන්න දවසක්
අදත් හීනෙන් දකිනවා

Wednesday 16 March 2011

ජීවිතය යනු වහල් වීමද ? - වහල් වීම යනු ජීවිතයද?


  යුරියා , ලුනු, කටු කම්බි සමව                   ගෙන
කැරපොතු ගැරඩි මලකුනු ටික මැදට            ගෙන
කලවම් කරලා නගිනා තුරු උඩට               පෙන
වඩියක් තනයි නොපෙනෙන්නට වනක      කොන


දගරය දමල බැරලය තුල රටාව             ට
ගින්දර දමයි දර ලී ටික කරන් ව            ට
පෙරනා දෙය මේ පොලිසියෙ සොරාව    ට
කසිප්පු කියයි ලොල් වූ සැම සුරාව        ට
කා දුටුවත් නොබනා විට නමල හි        ස
කාලය ගෙවයි නිතරම ඔහු ලදරු ලෙ   ස
වීදුරු දෙක තුන හොද හැටි බලල ර     ස
හිට්ලර් වගෙයි මේ අය දැන් කියන බ  ස


ගෙදර බිරිය ඇඩු කදුලින් කල් ගෙවන්නේ
වැඩට ගොසින් ඒ මුදලින් බත උයන්  නේ
බීගෙන ඇවිත් රස අඩුයැයි කියන්      නේ
බතින් තමයි ඇය ඔලුවට ගසන්         නේ

කසියා ගසා එන විට බඩ නෙරා උ       ඩ
කාලය ගිහින් දුක් වෙන විට කරපු වැ   ඩ
කසිය දුන් අයනම් දැන් ගොඩේ  ගො   ඩ
නිවසක් තනල සුවිසැල් ලෙස තට්ටු පි  ට


අතපය මිසක හිත කැඩුනට බේත්     නැත
ඒ ගැන හිතා බොන එකනම් පලක්   නැත
දුන් දෙය මිසක කැ බිවු දෙය සුවද    නැත
පිනට දෙන්න බොන මුදලින් වාද     නැත
 
 

Saturday 12 March 2011

මදකට සිතන්න......

මිනිසා විසින් දුම්වැටි නැති කරන්න
කොතෙකුත් ඇත්ද වෙනුවෙන් වෙර දරන්න
දුම්වැටි විසින් ජීවිත නැති කරන්න
පෙර ඒ ගැන ඔබ නැවතත් හිතන්න

මහරු බොන්නේ එය හොද හැටි ඔතාගෙන
(ගන්ජා)
සමහරු බොන්නේ එය සමගින් බෙදාගෙන
(මත්කුඩු )
සමහරු බොන්නෙ එය ලොවටම වනාගෙන
(රජයේ අනුමැතිය ලත් දුම්වැටි )
සමහරු බොන්නේ එය මහ වෙර දරාගෙන
(ගන්ගා බීඩි )
සුරනයේ ඇත වැකියක් කලාවට
දුම්බීමෙන් විය හැකි දේ සිරාවට
තහනම් නොකර දුම්වැටි අද නිමා කොට
රජයෙන් ගසා කයි ගොන් රැල මුලා කොට


 
















දුම්වැටි උරල අකලට මිය ගියාට
පුදුමත් හිතෙයි මේ කරනා ක්‍රියාවට
මලගෙදර නිතරම යන එන අයට
බුලතුයි දුම් වැටියි දුන්නෙ සන්ග්‍රහයට


 
ගතුන් බොහෝ ඇත අද ලොව ඉහල
දුම්වැටි උරයි පෙන්වා සිය ගුන පහල
පසුපස නොයා වාගේ හරකුගේ නගුල
රැකගන මැන සමගිය ඔබ පවුල

                                                                                      


One thousand Americans stop smoking every day - by dying.  
                                                      ~Author Unknown

Tuesday 8 March 2011

හාස්‍යකි ! එහෙත් සුලබ සත්‍යයකි !


කුලුදුල් පෙමට මුල පුරලා හිතට                             මගේ..
පෙම්බස් දෙඩුවෙ මට පන දෙන්න                         වගේ..
රන් මුතු  මැනික්  වගේ දෙවල් වටින                      අගේ..
දෙඩුවෙ නිතර නම නොකිය නිතර                        මගේ..

පුන්සද පායල වගේ ඔබෙ                                     මුහුන
නෙලුමකි ඔබයි නිල් දිය මත                                 පිපුන
නිතරම ලබුනෙ ලොව ඇති ඉහලම                       ලකුන
කාලය ගියෙ අසමින් මගෙ ගුන                             වරුන

ගෙදරින් අපේ මට නිතරම                           බනින්නේ..
අසරන අර මගේ කොල්ලට                         රවන්නේ..
දැන්නම් මාපියන් නෑ මට සත                      වටින්නේ..
අප නිවසින් සද පානෙම                             පනින්නේ..

...........................................................................................





සතියයි ගියේ මේ මිනිහට ගහල                               හත..
උගසට  තබා මට ඇති එක හොදම                           වත..
කොපමන කලත් මටනම් ඇති හොදක්                   නැත..
බීගෙන නටයි ලැබෙනා හැම මුදල්                           සත..

මුතු වන් දෙපලයැයි කියු මගේ දත්             ඇන්ද
විසුවී වැදුනි මුගේ පහරින් පුටු                    ඇන්ද
ගැලවී ගොසින් දැන් මාගේ උඩ                  ඇන්ද
දත්නම් නොමැත දැන් ඇත්තේ හිස්            ඇන්ද

මවු පියන්ට මන් දුන් දුක් ගොඩක්                          ඇත
දුක් විදිනා එක දැන් මට උරුම                               ඇත
ඒ ගැන සිත සිතා දැන්නම් පලක්                           නැත
කාගෙන ගුටි ඉන්නා මිස මිස වෙන මගක්             නැත

වාගේ නිතර මම මිනිහගේ පා                              වැන්ද
කිසිදා  මවු පියන්ගේ නෑ පා                                වැන්ද
ගුටි බැට නිසා මාගේ දැන් නෑ                          කොන්ද
දෙවියනි අනේ රැක දෙනු මැන පන                   කෙන්ද


Monday 7 March 2011

හිගමන් යදින අය අම්මල නොවේද ??


 
 
කිරි කැටි පුත නිදි උකුලේ උනුසුමට             මගේ..
පින් මදි පුතේ සුව යහනක් දෙන්න              අගේ..
කුසගිනි නිසා වැහරී ගිය සිරුර                     මගේ..
ලේ කිරි කර කුස පුරවයි පුතුගේ                  මගේ..

වැරහැලි වලින් සැරසුනු සිරුර                     මගේ,,
සිගමන් යදින විට වීදිය අතර                        මගේ..
තුරුලට හොවගත්විට මා පුතුගේ                   අගේ,,
රන් කිරුලක් හිස මත මට ලැබුන                  වගේ..



මෙලොවින් හැර ගියා පිය පුතුව                      දමා..
නැති බැරි අපට ඇත්තේ මහ මගම                  තමා..
නැති බැරි උනත් නැහැ මම ගියෙ පුතුව            දමා..
සිගමන් ගියත් නැති වී නැත මවු ගුනය              නිමා..

දෝත් මුදුන් දී මන් සිගමන් යදින්                     නේ..
පාරේ යනෙන අය මා හට රවන්                       නේ..
අසරන අපේ කුසගින්නට යදින්                        නේ..
දෙවියන් අයිද අප මෙතරම් දවන්                      නේ?

අදවත් නොමැති අපහට හෙටත්                        නැත,,
වතවත් නොමැති අප හට ඇති ගතත්                  නැත,,
ගෙදර බුදුන් අම්මා වැනි වදන්                            ඇත,,
සිගමන් යදින මාහට එය උරුම                          නැත,,


maa lowa eliya,,


සිසිලයි         එන සුලග  වටකර බෝ   මලුව..
වියලයි         ඝන කදුල  අතවර කල    හිතට..
සොදුරුයි     යන ගගුල පසුකර වන     වදුල..
පැහයයි එකී ගුන අම්මගේ සිත           ඨවල..

ගසකින් සැදෙන ඵලවල බර නැත           ගසට,,
මවකගේ උකුලෙ නැලවෙන පුතු ඇගේ   සතුට,,
රෑ කල තනි අහස සදකින් වෙයි              එලිය,,
මගේ ලොව එලිය මගේ මව මට මහ     මෙරය,,

Sunday 6 March 2011

සද තරුට හිරු සවිය


තරු මල් ලගම ගැවසෙන ලා සද සුවද,,,
පෙනි පෙනි ලග නැතත් සද තරු සවි හිරුය,,,

පුතෙකුට ලගම අම්මා දෙන ආදරය,,
එනමුදු මා , මව රකින හස්තය පියෙනි ඔබ,,,


 ගොරවා විදුලි කොටලා පෑ දේදුන්න...
වැටි හැම වැහි බිදුව වෙයි පොලවට සරුසාර.... 
බැනලා මා හදා දක්වන කරුනාව.....
මා නැගිටිනා දිනයේ ගරු ඔබෙය පිය.....

සිහිනෙන්වත් එමි ලගට....



උනු කරනා තෙක් යකඩය නොනැමේය
නුබ හඩ අසන තුරු සවනත අහැරීය..


කොපමන පොරව ගත්තද සීතල මෙලෙස කිම?
ඔබ තුරුලෙ උන්නානම් නැත මෙහෙම...


හිරු කැන් දකින කල පිනිබිදි බොද වේය
නුබ රුව දුටු විගස මට මුලු ලොව අමතකය....


මගේ සුදු මැනික ලග ඉන්නට පින් මදිද?
වෙන කිම කරමි සිහිනෙන්වත් එමි ලගට....

Saturday 5 March 2011

පටාzz ! :/


මේක මන් O/L කාලෙ මගේ යලුවෙක්ට වෙච්ච පච්ච සීන් කෙරවලක් !
කතාව මෙහමයි !
යාලුව දෙයියනේ කියල ස්කොලේ ඉවර වෙලා ගෙදර එනවා,,ඔන්න ඉතින් එයාලගේ තාත්තත් පස්තරයක් එහෙම බලන ගමන් හොරැහින් පුතා දිහ බලාගෙන අහනවා
" පුතා මොකද අද මෙච්චර වෙලා ගියෙ? :/ " ?
"නෑ තාත්තා අද ස්කෝලේ අමතර පන්තියක් තිබුන ඒකයි " !කියල කිවුවා,,
දෙයියනේ එක පාරටම කොහෙන්දෝ ඉදල ලගට කඩාපාත් වෙච්ච රොබෝ කෙනෙක් පටාz ගාල කොල්ලගෙ කනට 1ක් දුන්න,,
කොල්ලට කර කියා ගන්නව තියා උනේ මොනාද කියලවත් හිත ගන්න බෑ !
"පුතෙ ! මේ නිකන් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා, අද මන් මේ ගෙනාපු රොබෝට බොරුවක් කිවුවොත් අදුරගන්න පුලුවනි,, බොරුවෙ තරමට පාරක් හම්බෙනවා තේරුනාද?
පුතාට කට උත්තර නැත !
හ්ම්ම් කියනව බලන්න වෙලා ගිය කාරනේ ..

"මේ මේ තාත්ත අද යාලුවොත් එක්ක ෆිල්ම් 1ක් බලන්න ගියා :("
රොබෝ එවර සද්දයක් නැත,,

"දැක්කනේ ඕක කලින් කිවුවනම් ගුටි කන්න ඕනේ නෑනේ,,
දැන් කියනව බලන්න බලපු ෆිල්ම් 1ක් මොකක්ද?

"ආආ මේ... "දස පනත" කොල්ල ගත් කටටම කිවුවද අනිත් අතට නැවතත් පටාz හඩින් කන හරහ පාරක් රොබෝගෙන් ලෑබුනි,,
කොල්ල කන අතගාමින්ම බිම බලගත්වනමය,,
"මේ පුතෙ නිකන් සුදු ලුනු පොඩි කරන්නේ නැතුව හරියට විස්තරෙ කියල යනව යන්න ,, මොකක්ද බලපු ෆිල්ම් 1,, තාත්ත ආයෙත් ඇහුවා,,

"මේ මේ තාත්තෙ මේ " ඇගේ වයිරය ".. 
පුරුදු පරිදිම පටාz ගාල අනිත් කනත් වහා රත් විය,, ඒත් මෙවර හස්තය පියානන්ගේය,,

"අනේ බොල,, ලෑජ්ජා නැද්ද?අපිනම් උබලගේ වයසෙදි කවදාවත් ඔය වගේ ජරා වැඩ කරල නෑ.. "
එවර රොබෝගෙන් තාත්තගේ කන හරහා වැදි පටාz පාරට ඔහුගේ නල දත අත මත විය :/
තාත්තට ලැජ්ජාවේ බෑරි විය,,

මෙවර සීනයට එන්ටෙර් වූයේ කුස්සියේ උයමින් සිටි අම්මාය,,

"මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ මොනව උනත් මේ ඔයාගෙම දරුවනේ.." අම්මාට කීමට හැකි වුයේ එපමනකි
එවර වැදි පටාz පාරට කම්මුල් රත් කරගන්නට අම්මාටද නොමිලේම අවස්තාව හිමි විය

Friday 4 March 2011

පරාජිත ප්‍රේමය


සවන සොයනා හුරතල් කතාව..
නෙතග පිරෙනා ආදර සිනාව..
මතක් වී පෙම් කල අපුරුව..
සිතම හඩනා මේ කලු සෑදෑව..

මුහුදේ රෑලි මුහුදටම යාවි
අහස සදේ අයිතිය නොදෙවි
වෑටෙන කදුලෑලි මගේම වේවි
ඔබත් ඔහුටම අයිති වේවි

නිවන්නට ගින්නක් හිතේ ඈත,,
පිහන්නට කදුලක් නෙතේ ඈත,,
ගෙවන්නට පවු රාශියක් ඈත,,
බෙදාගන්නට ඔබ ලගක නෑත,,

සිතින් අඩන්නම් ඔබට සිනා දී
නෙතින් ගයන්නම් කදුලු නුරා ගී
එපා වෙන්න දුක් මගේ ප්‍රියා වී
දුරින් හිද  විදිමි ප්‍රේමෙ පරා ජී
ඔහුගේ වෙන්න සුබපෑතුම් මනා ලී

,, මුල් අඩිය

ඉදල හිටලවත් නිවාඩු තියෙන වෙලාවට වෑදගත් දෙයක් ලියන්න කියන්න ඔනෙ කියල යටිහිතෙ සෑහෙන කාලෙක ඉදල තිබුන,, කොහොමහරි අන්තිමෙදි මුල් ගල බාගත්ත,,

විස්තරේ මෙහෙමයි : මුලිකවම කාරනා 2ක් කියල තියන්න ඔනේ,,

01- අමාරුවෙන් සාමන්ය පෙල සින්හලට ඒ සමාර්තයක් ගත්තු පලියට වෑස්සකටවත් ලිඛිත භාශවෙන් ලියමනක් ලියල නෑති මන් දන්න බාසවෙන් බ්ලොග් 1ක ලියනවා මිසක් පොර වෙන්න ගිහින් බඩ කොරගන්න යන්නෙ නෑත !
02-මේ දෑන් ටිකකට කලින් මගේ කකුලෙන් ලේ උරා බ්වු එකා මදුරුවෙක්ද ? ගොඩ්සිලෙක්ද කියලවත් දෑන ගන්න උවමනාවක් නෑති මට මේ ලොකෙට එකටම ආවෙ කිකිලිද බිත්තරේද කියල දෑනගන්න අහින්සක මගේ තුන් හිතකවත් නෑත !
ඒත් ඉතින් සොභාවිකව හෝ නෑතිව මගේ ජීවිතෙටත් හිටගෙන නින්ද යනකන් කල්පනා කලත් විසදුම් නෑති සම්බාව්ය අසම්බව්ය ප්‍රශ්න අනන්තයි,,,
ආයෙ 2ක් නෑ ,,, අපේ ග්‍රාම සේවක අන්ටි පල්ලයි ඒ ප්‍රශ්න ඔයාලටත් ඈති ,,
ඒත් ඉතින් ඔවුව ගෑන හිතලා රෑවුල වවාගන්නවට වඩා ඒ අදහස් වෑදගත් විදියට සමාජගත කරහන් කියල හිතාගෙනයි මේ පත්තට සෙට් උනේ,,

ඒක නිසා මේ සම්බන්ද දන්න කියන අනිත් අය මටත් පිලිවෙලකට ගොඩ එන්න සප් 1ක් දෙයි කියල බලාපොරොත්තු වෙනව එකෙන්ම !
ඒත් ඉතින් මන් ලියන ඒවා  කාටහරි ග්‍රීක් වගේනම් ඒකටනම් එකෙන්ම කනගාටුයි..