Thursday 24 March 2011

පවුල සතුටින් ඉන්න දවසක් අදත් හීනෙන් දකිනවා ...!


හැම පෝයටම වගේ
අදත් හද
ලස්සනට හිනාවෙනවා
අනිත් හැමදාම වගේ
අදත්  තාත්තා
අපිව අඩවනවා
පිලිකන්නේ නිදි බැල්ලි
තාත්තගේ ඉව අදුරනවා
සෙල්ලමේ උන් නන්ගි
අම්මගේ උකුලේ ගුලි වෙනවා
තාත්තට බයේ මමත්
කලුවරට මැදි වෙනවා
තාත්තගෙ ආදරේ
මත් වතුරෙ දියවෙලා
අම්මගේ දුක් කදුලු
අම්මටම හුරු වෙලා
මගෙයි නන්ගිගෙ ජීවිත
අතරමන් වී නැවතිලා
අපිට ණෑසෙන
අම්මගේ සුසුම්
කලුවරේම අදත්
බොද වෙලා
පවුල සතුටින් ඉන්න දවසක්
අදත් හීනෙන් දකිනවා

4 comments:

  1. පට්ට ලයික්

    ReplyDelete
  2. අපි නොහිතුවාට හවස් වෙද්දි හුඟක් ගෙවල් වල මේ තැටිය තමා වාදනය වෙන්නෙ

    ReplyDelete
  3. ලස්සනයි,ඇත්ත කතාවක්

    ReplyDelete
  4. ශා මරු...කියන්න දෙයක් නැ ..කවිය ගැන අවංකව ... හුගාක් පවුල් වල තත්වේ ඕක..එත් දැන් නම් සැහෙන්න ඔව අඩුයි කියලා මගෙ යාලුවෙක් කිව්වා ..ඇත්තද මන්දා.

    ReplyDelete