Tuesday 8 March 2011

හාස්‍යකි ! එහෙත් සුලබ සත්‍යයකි !


කුලුදුල් පෙමට මුල පුරලා හිතට                             මගේ..
පෙම්බස් දෙඩුවෙ මට පන දෙන්න                         වගේ..
රන් මුතු  මැනික්  වගේ දෙවල් වටින                      අගේ..
දෙඩුවෙ නිතර නම නොකිය නිතර                        මගේ..

පුන්සද පායල වගේ ඔබෙ                                     මුහුන
නෙලුමකි ඔබයි නිල් දිය මත                                 පිපුන
නිතරම ලබුනෙ ලොව ඇති ඉහලම                       ලකුන
කාලය ගියෙ අසමින් මගෙ ගුන                             වරුන

ගෙදරින් අපේ මට නිතරම                           බනින්නේ..
අසරන අර මගේ කොල්ලට                         රවන්නේ..
දැන්නම් මාපියන් නෑ මට සත                      වටින්නේ..
අප නිවසින් සද පානෙම                             පනින්නේ..

...........................................................................................





සතියයි ගියේ මේ මිනිහට ගහල                               හත..
උගසට  තබා මට ඇති එක හොදම                           වත..
කොපමන කලත් මටනම් ඇති හොදක්                   නැත..
බීගෙන නටයි ලැබෙනා හැම මුදල්                           සත..

මුතු වන් දෙපලයැයි කියු මගේ දත්             ඇන්ද
විසුවී වැදුනි මුගේ පහරින් පුටු                    ඇන්ද
ගැලවී ගොසින් දැන් මාගේ උඩ                  ඇන්ද
දත්නම් නොමැත දැන් ඇත්තේ හිස්            ඇන්ද

මවු පියන්ට මන් දුන් දුක් ගොඩක්                          ඇත
දුක් විදිනා එක දැන් මට උරුම                               ඇත
ඒ ගැන සිත සිතා දැන්නම් පලක්                           නැත
කාගෙන ගුටි ඉන්නා මිස මිස වෙන මගක්             නැත

වාගේ නිතර මම මිනිහගේ පා                              වැන්ද
කිසිදා  මවු පියන්ගේ නෑ පා                                වැන්ද
ගුටි බැට නිසා මාගේ දැන් නෑ                          කොන්ද
දෙවියනි අනේ රැක දෙනු මැන පන                   කෙන්ද


2 comments:

  1. පට්ට බං නියමට ලියලා තියනවා......

    ReplyDelete
  2. පව් අහිංසක ගැහැනු ළමයා...

    ReplyDelete