Monday 7 March 2011

maa lowa eliya,,


සිසිලයි         එන සුලග  වටකර බෝ   මලුව..
වියලයි         ඝන කදුල  අතවර කල    හිතට..
සොදුරුයි     යන ගගුල පසුකර වන     වදුල..
පැහයයි එකී ගුන අම්මගේ සිත           ඨවල..

ගසකින් සැදෙන ඵලවල බර නැත           ගසට,,
මවකගේ උකුලෙ නැලවෙන පුතු ඇගේ   සතුට,,
රෑ කල තනි අහස සදකින් වෙයි              එලිය,,
මගේ ලොව එලිය මගේ මව මට මහ     මෙරය,,

2 comments:

  1. කොපමන තැනුවත්,
    තේරුමක් දෙන්නට..
    කවදාවත් නොහැක
    වදන් ගොනු කරනට..
    ඉතින් මම පරාදයි
    නුඹේ ආදරයට..
    මවුනි නුඹේ පුතුහට
    සමාව දුන මැන..


    වදන් වැල් සීයයක් පෙල ගැස්සුවද
    මියුරු ගී සියයක් ගායනා කලද
    සිතුවම් සියයක් ඇද පෙන්නුවද
    නොහැක සමකරනට ඔබේ ආදරය

    මා දුප්පත් උනත්, මා පෝසත් උනත්
    මට මෙලොව හිමි වන අසීමිත ආදරයේ අයිතිකාරියනි
    මම නුඹට ආදරෙයි
    ඒත් කවමදාවත් නුඹේ ආදරය සම කරනට
    මට නොහැක සමාවෙන්න මට...

    අඩෝ උබේ කවිය පට්ට බං...

    ReplyDelete
  2. හරිම ලස්සනයි..

    ReplyDelete