Friday 4 March 2011

පරාජිත ප්‍රේමය


සවන සොයනා හුරතල් කතාව..
නෙතග පිරෙනා ආදර සිනාව..
මතක් වී පෙම් කල අපුරුව..
සිතම හඩනා මේ කලු සෑදෑව..

මුහුදේ රෑලි මුහුදටම යාවි
අහස සදේ අයිතිය නොදෙවි
වෑටෙන කදුලෑලි මගේම වේවි
ඔබත් ඔහුටම අයිති වේවි

නිවන්නට ගින්නක් හිතේ ඈත,,
පිහන්නට කදුලක් නෙතේ ඈත,,
ගෙවන්නට පවු රාශියක් ඈත,,
බෙදාගන්නට ඔබ ලගක නෑත,,

සිතින් අඩන්නම් ඔබට සිනා දී
නෙතින් ගයන්නම් කදුලු නුරා ගී
එපා වෙන්න දුක් මගේ ප්‍රියා වී
දුරින් හිද  විදිමි ප්‍රේමෙ පරා ජී
ඔහුගේ වෙන්න සුබපෑතුම් මනා ලී

5 comments:

  1. ඔන්න ඔන්න ඉතින්......

    ගහකින් වැටුන කොළයක් වැනි ආදරය
    අද හිමි වුනත් හෙට වෙයි වෙනකකු සතුව
    හිමිවී අහිමිවන ආදර මල් කැකුළ
    සිත තද නැති අයට ආලය පල නැතිය

    හ්ම්... සුබ පැතුම් මල්ලි ..අලුත් බ්ලොග් එකට...

    ReplyDelete
  2. කලු ගල් උවද කිසිම දිනෙක ක්ශය නොවෙන
    මුදු බවෙ පහස රිසි වෙයි හිත් කොනෙක උව
    හිත ගල් කලත් ආදරයක් පල වන්න
    ආදර මතකයම ඇත යටි හිත උනුවන්න

    ගොඩාක් ස්තුත්යි අක්කා

    ReplyDelete
  3. අනේ මංදා දැන් ශේප් නේද බන්සෝ.....?

    ReplyDelete