Monday 7 March 2011

හිගමන් යදින අය අම්මල නොවේද ??


 
 
කිරි කැටි පුත නිදි උකුලේ උනුසුමට             මගේ..
පින් මදි පුතේ සුව යහනක් දෙන්න              අගේ..
කුසගිනි නිසා වැහරී ගිය සිරුර                     මගේ..
ලේ කිරි කර කුස පුරවයි පුතුගේ                  මගේ..

වැරහැලි වලින් සැරසුනු සිරුර                     මගේ,,
සිගමන් යදින විට වීදිය අතර                        මගේ..
තුරුලට හොවගත්විට මා පුතුගේ                   අගේ,,
රන් කිරුලක් හිස මත මට ලැබුන                  වගේ..



මෙලොවින් හැර ගියා පිය පුතුව                      දමා..
නැති බැරි අපට ඇත්තේ මහ මගම                  තමා..
නැති බැරි උනත් නැහැ මම ගියෙ පුතුව            දමා..
සිගමන් ගියත් නැති වී නැත මවු ගුනය              නිමා..

දෝත් මුදුන් දී මන් සිගමන් යදින්                     නේ..
පාරේ යනෙන අය මා හට රවන්                       නේ..
අසරන අපේ කුසගින්නට යදින්                        නේ..
දෙවියන් අයිද අප මෙතරම් දවන්                      නේ?

අදවත් නොමැති අපහට හෙටත්                        නැත,,
වතවත් නොමැති අප හට ඇති ගතත්                  නැත,,
ගෙදර බුදුන් අම්මා වැනි වදන්                            ඇත,,
සිගමන් යදින මාහට එය උරුම                          නැත,,


3 comments:

  1. නියමයි බං....
    දැන් ඉතින් අපිට තැනක් නැතුව යනවනේ....

    ReplyDelete
  2. හිතට දැනුන ලස්සන කවියක්....

    ReplyDelete
  3. ඇත්තමයි හුගාක් ලස්සනයි... දැනෙන්න ලියලා...

    ReplyDelete