Sunday 10 April 2011

සාමය සතුට ඇති තැන ඇත මිනිස් කම



රන්වන් අපේ ලක්පොලවට ගහල       ඇන
පරදේසින් කෙරුවත් අප රටට            වින
විස්කම් විකුම් ඉදිරියෙ හෙලයන්ගෙ    නැන
පොහොසත් කියන මේ රටවල් ගහයි     දන

දනය හා බලය දෙකටම ලොල් කරන      අය
එලොව හා මෙලොවට වෙයි නිකොරෝම නය
දැහැමින් රට දැයටම වැඩ කරන             අය
ජයගෙන මෙලොව සුරලොව යයි එවැනි   අය

යහපත් කියන ගති පැවතුම් වෙලා       වද
මිනිසා කියන අය තිරිසන් වෙලා         අද
මෙවැනි සිරිත් ඇරියොත් වැට කඩුලු    බිද
පැතිරිය හැකිය මුලු ලොව ලක් සින්හ   නද

ආවර්ජනාට ලියුවේ- යු.අතුල පෙරේරා (මගේ අප්පච්චී)

1 comment:

  1. නියමයි බං... තාත්තා ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑනෙ...

    ReplyDelete