Sunday 10 April 2011

අත්වැරැද්දට දඩුවම්



ආලය ජීවිතය තරමටම සන්කීර්නය..
වටහා ගැනීම හෝ අර්තකතනය කිරීමට
දරන උත්සහයම උවද අර්තවිරහිතය
ප්‍රේමවන්තයන් කියාගන්නා වු ඔනැම කෙනෙකුට
ආලය හැගීමක් සේ විදිය හැකි උවද
එය දැසින් දැකිය හැක්කේ සැබැ ප්‍රේමවන්තයන්ට පමනි..!
සතුට, සිනහව,පිරුන සිත,ප්‍රොබොධය
වැඩෙන ආලයක මුල සේම
දුක,කදුල,පසුතැවිල්ල,මරනය
දක්වා උවද හේතු සාදක විය හැකිය
දුරකතනයක් නැති කෙනෙකු
අසම්පුර්නයෙකු සේ දැකීමට පුරුදු වී සිටින
වර්තමාන සමාජය තුල
රැල්ලට හසුවී ඔහේ පෙම්කරන්නන් නිසා
සැබැ ප්‍රෙමවන්තයෙකුට උවද තම හිතගිය තැනැත්තියට
ආදරය ප්‍රකශ කිරිමට ප්‍රතම
තම අනන්‍යතාව (රැල්ලට පෙමක්ද,සැබැ පෙමක්ද යන්න
 ඔප්පු කර දැක්වීමට සිදුවී තිබේ
එහේතුවෙන් තමාද රැවටේවියැයි බියෙන් පිරිසක්(ස්ත්‍රී)
ආලයට නතුවීමට දැඩි බියක් දක්වයි
එය විතර්කයෙන්ම සාධාරන අහින්සක පසුබැමකි
එහෙත් එවැනි අයෙකුට කොපමන අවන්ක ආලයක් ලැබුනද
යටි සිතේ ඇති බය නිසා
මනුශ්‍ය වර්ගයාට අත්වැරදිම් සිදුවිය හැකි බවත්
තමාට ආලය කරන්නාද මනුශ්‍ය ගති ඇත්තෙකු බවත්
අමතක කර දමයි
එහේතුවෙන් සුලු වචන අතපසු වීමක් හෝ අත්වැරදීමක් මාධ්‍යයෙහි උවද
ඇයට අගේ ආදරවන්තයා
එතෙක් දී ඇති මහත් වු ආදරය උවද
අමතක කර දැඩි පසුතැවීමට පත්ව
විහින් දුක් ලගාකරගනි,,
සමහරවිට එය ඇගේ කරුමයක් විය හැකිය.. :ඵ්
ඇය නොදන්නවා උවද
ඇයට පනමෙන් ආදරය කරන ඔහු
නිසා පසුතැවෙන තම ආදරවන්තිය
වෙනුවෙන් ඊට වඩා පසුතැවෙයි
එහෙත් මේ සියල්ල සුලු අත්වැරැද්දකටය,,
එය සම්පුර්නයෙන් වැරදිය
වරක් දෙවරක්නම් කම් නැත
ගැහැනියෙකුට තමන්ට ලැබෙන ආදරය තෙරුම් ගැනීමට
යම් කාලයක් අවැසි බව සැබැය එහෙත් ජීවිත කාලයම නොවේය
මිනිස් සමාජයේ සන්කීර්නම සත්වය වු ගැහැනියක
වු ඇයව ඔහු තෙරුම් ගත්තානම්
ඇයත් ඔහු තෙරුම්ගැනීමට උත්සහ කර
අන්‍යොන්‍ය සුලු ගැටලුවලට ප්‍රොබොදමත්ව සැහල්ලුව පිලිතුරු සෙවීම
දිර්ඝ කාලින ආලයකටත්
තම ප්‍රෙමවන්තයාගෙ ආදරය නොවෙනස්ව ලබාගැනීමටත්
හොද විකල්පයකි !
තාවකාලික සුලු වැරදි නිසා ඇය නිතරම තාවකාලික කලකිරිමට පත් වීම
වැඩි කාලයක් යාමට මත්තෙන් එය ඇයගේ ප්‍රේමවන්තයාගේ
සදාකාලික කලකිරිමට හේතු වන්නේය
දෙදෙනාම අත්විදින මානසික අපහසුතාවත්
ඔහු නිසා ඇය සිතින් දුක් විදින බවකුත් ඔහු සිතන්නට පටන් ගන්නේය
එය ඔහු ඇයගෙන් වෙන්වන්නට තබන මුල් පියවරයි
එහෙත් ඇයට ඔහුගෙන් තරම් වු ආදරයක්
ඉදිරියට කවරදාකවත් නොලැබෙනු ඇත ..!

සාමය සතුට ඇති තැන ඇත මිනිස් කම



රන්වන් අපේ ලක්පොලවට ගහල       ඇන
පරදේසින් කෙරුවත් අප රටට            වින
විස්කම් විකුම් ඉදිරියෙ හෙලයන්ගෙ    නැන
පොහොසත් කියන මේ රටවල් ගහයි     දන

දනය හා බලය දෙකටම ලොල් කරන      අය
එලොව හා මෙලොවට වෙයි නිකොරෝම නය
දැහැමින් රට දැයටම වැඩ කරන             අය
ජයගෙන මෙලොව සුරලොව යයි එවැනි   අය

යහපත් කියන ගති පැවතුම් වෙලා       වද
මිනිසා කියන අය තිරිසන් වෙලා         අද
මෙවැනි සිරිත් ඇරියොත් වැට කඩුලු    බිද
පැතිරිය හැකිය මුලු ලොව ලක් සින්හ   නද

ආවර්ජනාට ලියුවේ- යු.අතුල පෙරේරා (මගේ අප්පච්චී)