චසරක එක් දිනයකි පෙම්චතුන් හට
මිනිස් කමට ඇත බැම් බැද මුදල් වැට
මිලට යටව ඇති පුහු පෙම දකින විට
මොනව හිතෙනවා දැයි මවු පියන් හට
දිනය නිසා රැවටුණු අය ලක් පොළොවේ
දිනය පසුව ඵ් බව ලොකුවෙන් පලවේ
දිය දහරක් දැක දිවුවට වැලි පොළොවේ
මිරිගුව වාගේ උගුලට ඔබ මුලාවේ
සදරැස් නැගෙන පිණි වැටෙනා හිමිදිරියේ
ලිපියක් ලියමි නොනිදා ගෙන ආදරියේ
ලීවත් මෙසේ ඔහු ලිපියක් හිටි හැටියේ
දහවල් ලියු බව ඇය නොදැනයි හිටියේ
මිනිසුන් කේසේ කිවත් සොද සිනා මුවින්
පෙනුමෙන් සිත ගියත් ක්ශනිකව ඔහුගේ රුවින්
දැන ගන්නා තෙක් යටි සිත ඔහුගේ හොදින්
නුවණට හුරුයි තැබුවොත් ඔහු අතේ දුරින්
නංගියේ මල්ලියේ මේ ටික අහ ගන්න
මව් පියන් දෙදෙන හට නිතරම කන් දෙන්න
පෙනුමට මිලට නොදෙනු ඔබේ හිත රැවටෙන්න
රැවටුණු තැන ඇත නිතරම දුක් වෙන්න
ආවර්ජනා
Wednesday, 14 March 2012
Sunday, 10 April 2011
අත්වැරැද්දට දඩුවම්
ආලය ජීවිතය තරමටම සන්කීර්නය..
වටහා ගැනීම හෝ අර්තකතනය කිරීමට
දරන උත්සහයම උවද අර්තවිරහිතය
ප්‍රේමවන්තයන් කියාගන්නා වු ඔනැම කෙනෙකුට
ආලය හැගීමක් සේ විදිය හැකි උවද
එය දැසින් දැකිය හැක්කේ සැබැ ප්‍රේමවන්තයන්ට පමනි..!
සතුට, සිනහව,පිරුන සිත,ප්රොබොධය
වැඩෙන ආලයක මුල සේම
දුක,කදුල,පසුතැවිල්ල,මරනය
දක්වා උවද හේතු සාදක විය හැකිය
දුරකතනයක් නැති කෙනෙකු
අසම්පුර්නයෙකු සේ දැකීමට පුරුදු වී සිටින
වර්තමාන සමාජය තුල
රැල්ලට හසුවී ඔහේ පෙම්කරන්නන් නිසා
සැබැ ප්රෙමවන්තයෙකුට උවද තම හිතගිය තැනැත්තියට
ආදරය ප්‍රකශ කිරිමට ප්‍රතම
තම අනන්‍යතාව (රැල්ලට පෙමක්ද,සැබැ පෙමක්ද යන්න
ඔප්පු කර දැක්වීමට සිදුවී තිබේ
එහේතුවෙන් තමාද රැවටේවියැයි බියෙන් පිරිසක්(ස්ත්‍රී)
ආලයට නතුවීමට දැඩි බියක් දක්වයි
එය විතර්කයෙන්ම සාධාරන අහින්සක පසුබැමකි
එහෙත් එවැනි අයෙකුට කොපමන අවන්ක ආලයක් ලැබුනද
යටි සිතේ ඇති බය නිසා
මනුශ්‍ය වර්ගයාට අත්වැරදිම් සිදුවිය හැකි බවත්
තමාට ආලය කරන්නාද මනුශ්‍ය ගති ඇත්තෙකු බවත්
අමතක කර දමයි
එහේතුවෙන් සුලු වචන අතපසු වීමක් හෝ අත්වැරදීමක් මාධ්‍යයෙහි උවද
ඇයට අගේ ආදරවන්තයා
එතෙක් දී ඇති මහත් වු ආදරය උවද
අමතක කර දැඩි පසුතැවීමට පත්ව
විහින් දුක් ලගාකරගනි,,
සමහරවිට එය ඇගේ කරුමයක් විය හැකිය.. :ඵ්
ඇය නොදන්නවා උවද
ඇයට පනමෙන් ආදරය කරන ඔහු
නිසා පසුතැවෙන තම ආදරවන්තිය
වෙනුවෙන් ඊට වඩා පසුතැවෙයි
එහෙත් මේ සියල්ල සුලු අත්වැරැද්දකටය,,
එය සම්පුර්නයෙන් වැරදිය
වරක් දෙවරක්නම් කම් නැත
ගැහැනියෙකුට තමන්ට ලැබෙන ආදරය තෙරුම් ගැනීමට
යම් කාලයක් අවැසි බව සැබැය එහෙත් ජීවිත කාලයම නොවේය
මිනිස් සමාජයේ සන්කීර්නම සත්වය වු ගැහැනියක
වු ඇයව ඔහු තෙරුම් ගත්තානම්
ඇයත් ඔහු තෙරුම්ගැනීමට උත්සහ කර
අන්‍යොන්‍ය සුලු ගැටලුවලට ප්රොබොදමත්ව සැහල්ලුව පිලිතුරු සෙවීම
දිර්ඝ කාලින ආලයකටත්
තම ප්රෙමවන්තයාගෙ ආදරය නොවෙනස්ව ලබාගැනීමටත්
හොද විකල්පයකි !
තාවකාලික සුලු වැරදි නිසා ඇය නිතරම තාවකාලික කලකිරිමට පත් වීම
වැඩි කාලයක් යාමට මත්තෙන් එය ඇයගේ ප්‍රේමවන්තයාගේ
සදාකාලික කලකිරිමට හේතු වන්නේය
දෙදෙනාම අත්විදින මානසික අපහසුතාවත්
ඔහු නිසා ඇය සිතින් දුක් විදින බවකුත් ඔහු සිතන්නට පටන් ගන්නේය
එය ඔහු ඇයගෙන් වෙන්වන්නට තබන මුල් පියවරයි
එහෙත් ඇයට ඔහුගෙන් තරම් වු ආදරයක්
ඉදිරියට කවරදාකවත් නොලැබෙනු ඇත ..!
සාමය සතුට ඇති තැන ඇත මිනිස් කම
රන්වන් අපේ ලක්පොලවට ගහල ඇන
පරදේසින් කෙරුවත් අප රටට වින
විස්කම් විකුම් ඉදිරියෙ හෙලයන්ගෙ නැන
පොහොසත් කියන මේ රටවල් ගහයි දන
දනය හා බලය දෙකටම ලොල් කරන අය
එලොව හා මෙලොවට වෙයි නිකොරෝම නය
දැහැමින් රට දැයටම වැඩ කරන අය
ජයගෙන මෙලොව සුරලොව යයි එවැනි අය
යහපත් කියන ගති පැවතුම් වෙලා වද
මිනිසා කියන අය තිරිසන් වෙලා අද
මෙවැනි සිරිත් ඇරියොත් වැට කඩුලු බිද
පැතිරිය හැකිය මුලු ලොව ලක් සින්හ නද
ආවර්ජනාට ලියුවේ- යු.අතුල පෙරේරා (මගේ අප්පච්චී)
Friday, 8 April 2011
හිග පිනට ඔබ අන් සතු මලක්... !
සිහිනෙකින් දුටු සිනාවක්
ලග
නැවතිලා හිත වතාවක්
අග
නොදැන ඇරබූ ප්‍රේමයක්
මග
නතර කරනට බැරි බවක්
වග
පසක් වනවිට පමාවක්
සැලෙන ඔබ මල් වැහි පොදක්
ගග
ගලනවා වන් ස්නේහයක්
දග
කරන හැඩ මුතු කිරිල්ලක්
ලග
ඉන්න පැතුවද කල්පයක්
හිග
පිනට ඔබ අන් සතු මලක්
Thursday, 24 March 2011
පවුල සතුටින් ඉන්න දවසක් අදත් හීනෙන් දකිනවා ...!
හැම පෝයටම වගේ
අදත් හද
ලස්සනට හිනාවෙනවා
අනිත් හැමදාම වගේ
අදත් තාත්තා
අපිව අඩවනවා
පිලිකන්නේ නිදි බැල්ලි
තාත්තගේ ඉව අදුරනවා
සෙල්ලමේ උන් නන්ගි
අම්මගේ උකුලේ ගුලි වෙනවා
තාත්තට බයේ මමත්
කලුවරට මැදි වෙනවා
තාත්තගෙ ආදරේ
මත් වතුරෙ දියවෙලා
අම්මගේ දුක් කදුලු
අම්මටම හුරු වෙලා
මගෙයි නන්ගිගෙ ජීවිත
අතරමන් වී නැවතිලා
අපිට ණෑසෙන
අම්මගේ සුසුම්
කලුවරේම අදත්
බොද වෙලා
පවුල සතුටින් ඉන්න දවසක්
අදත් හීනෙන් දකිනවා
Wednesday, 16 March 2011
ජීවිතය යනු වහල් වීමද ? - වහල් වීම යනු ජීවිතයද?
යුරියා , ලුනු, කටු කම්බි සමව ගෙන
කැරපොතු ගැරඩි මලකුනු ටික මැදට ගෙන
කලවම් කරලා නගිනා තුරු උඩට පෙන
වඩියක් තනයි නොපෙනෙන්නට වනක කොන
කැරපොතු ගැරඩි මලකුනු ටික මැදට ගෙන
කලවම් කරලා නගිනා තුරු උඩට පෙන
වඩියක් තනයි නොපෙනෙන්නට වනක කොන
දගරය දමල බැරලය තුල රටාව ට
ගින්දර දමයි දර ලී ටික කරන් ව ට
පෙරනා දෙය මේ පොලිසියෙ සොරාව ට
කසිප්පු කියයි ලොල් වූ සැම සුරාව ට
කා දුටුවත් නොබනා විට නමල හි ස
කාලය ගෙවයි නිතරම ඔහු ලදරු ලෙ ස
වීදුරු දෙක තුන හොද හැටි බලල ර ස
හිට්ලර් වගෙයි මේ අය දැන් කියන බ ස
කාලය ගෙවයි නිතරම ඔහු ලදරු ලෙ ස
වීදුරු දෙක තුන හොද හැටි බලල ර ස
හිට්ලර් වගෙයි මේ අය දැන් කියන බ ස
ගෙදර බිරිය ඇඩු කදුලින් කල් ගෙවන්නේ
වැඩට ගොසින් ඒ මුදලින් බත උයන් නේ
බීගෙන ඇවිත් රස අඩුයැයි කියන් නේ
බතින් තමයි ඇය ඔලුවට ගසන් නේ
කසියා ගසා එන විට බඩ නෙරා උ ඩ
කාලය ගිහින් දුක් වෙන විට කරපු වැ ඩ
කසිය දුන් අයනම් දැන් ගොඩේ ගො ඩ
නිවසක් තනල සුවිසැල් ලෙස තට්ටු පි ට
කාලය ගිහින් දුක් වෙන විට කරපු වැ ඩ
කසිය දුන් අයනම් දැන් ගොඩේ ගො ඩ
නිවසක් තනල සුවිසැල් ලෙස තට්ටු පි ට
අතපය මිසක හිත කැඩුනට බේත් නැත
ඒ ගැන හිතා බොන එකනම් පලක් නැත
දුන් දෙය මිසක කැ බිවු දෙය සුවද නැත
පිනට දෙන්න බොන මුදලින් වාද නැත
ඒ ගැන හිතා බොන එකනම් පලක් නැත
දුන් දෙය මිසක කැ බිවු දෙය සුවද නැත
පිනට දෙන්න බොන මුදලින් වාද නැත
Saturday, 12 March 2011
මදකට සිතන්න......
මිනිසා විසින් දුම්වැටි නැති කරන්න
කොතෙකුත් ඇත්ද වෙනුවෙන් වෙර දරන්න
දුම්වැටි විසින් ජීවිත නැති කරන්න
පෙර ඒ ගැන ඔබ නැවතත් හිතන්න
සමහරු බොන්නේ එය හොද හැටි ඔතාගෙන
(ගන්ජා)
සමහරු බොන්නේ එය සමගින් බෙදාගෙන
(මත්කුඩු )
සමහරු බොන්නෙ එය ලොවටම වනාගෙන
(රජයේ අනුමැතිය ලත් දුම්වැටි )
සමහරු බොන්නේ එය මහ වෙර දරාගෙන
(ගන්ගා බීඩි )
අසුරනයේ ඇත වැකියක් කලාවට
දුම්බීමෙන් විය හැකි දේ සිරාවට
තහනම් නොකර දුම්වැටි අද නිමා කොට
රජයෙන් ගසා කයි ගොන් රැල මුලා කොට
දුම්වැටි උරල අකලට මිය ගියාට
පුදුමත් හිතෙයි මේ කරනා ක්‍රියාවට
මලගෙදර නිතරම යන එන අයට
බුලතුයි දුම් වැටියි දුන්නෙ සන්ග්‍රහයට
උගතුන් බොහෝ ඇත අද ලොව ඉහල
දුම්වැටි උරයි පෙන්වා සිය ගුන පහල
පසුපස නොයා වාගේ හරකුගේ නගුල
රැකගන මැන සමගිය ඔබ පවුල
කොතෙකුත් ඇත්ද වෙනුවෙන් වෙර දරන්න
දුම්වැටි විසින් ජීවිත නැති කරන්න
පෙර ඒ ගැන ඔබ නැවතත් හිතන්න
සමහරු බොන්නේ එය හොද හැටි ඔතාගෙන
(ගන්ජා)
සමහරු බොන්නේ එය සමගින් බෙදාගෙන
(මත්කුඩු )
සමහරු බොන්නෙ එය ලොවටම වනාගෙන
(රජයේ අනුමැතිය ලත් දුම්වැටි )
සමහරු බොන්නේ එය මහ වෙර දරාගෙන
(ගන්ගා බීඩි )
අසුරනයේ ඇත වැකියක් කලාවට
දුම්බීමෙන් විය හැකි දේ සිරාවට
තහනම් නොකර දුම්වැටි අද නිමා කොට
රජයෙන් ගසා කයි ගොන් රැල මුලා කොට

දුම්වැටි උරල අකලට මිය ගියාට
පුදුමත් හිතෙයි මේ කරනා ක්‍රියාවට
මලගෙදර නිතරම යන එන අයට
බුලතුයි දුම් වැටියි දුන්නෙ සන්ග්‍රහයට

උගතුන් බොහෝ ඇත අද ලොව ඉහල
දුම්වැටි උරයි පෙන්වා සිය ගුන පහල
පසුපස නොයා වාගේ හරකුගේ නගුල
රැකගන මැන සමගිය ඔබ පවුල
One thousand Americans stop smoking every day - by dying.
~Author Unknown
Subscribe to:
Posts (Atom)