Wednesday, 14 March 2012

වැලන්ට්යින් DAY ආදර කතාව .....

චසරක එක් දිනයකි පෙම්චතුන් හට
මිනිස් කමට ඇත බැම් බැද මුදල් වැට
මිලට යටව ඇති පුහු පෙම දකින විට
මොනව හිතෙනවා දැයි මවු පියන් හට


දිනය නිසා රැවටුණු අය ලක් පොළොවේ
දිනය පසුව ඵ් බව ලොකුවෙන් පලවේ
දිය දහරක් දැක දිවුවට වැලි පොළොවේ
මිරිගුව වාගේ උගුලට ඔබ මුලාවේ



සදරැස් නැගෙන පිණි වැටෙනා හිමිදිරියේ
ලිපියක් ලියමි නොනිදා ගෙන ආදරියේ
ලීවත් මෙසේ ඔහු ලිපියක් හිටි හැටියේ
දහවල් ලියු බව ඇය නොදැනයි හිටියේ


මිනිසුන් කේසේ කිවත් සොද සිනා මුවින්
පෙනුමෙන් සිත ගියත් ක්ශනිකව ඔහු‍ගේ රුවින්
දැන ගන්නා තෙක් යටි සිත ඔහුගේ හොදින්
නුවණට හුරුයි තැබුවොත් ඔහු අතේ දුරින් 


නංගියේ මල්ලියේ මේ ටික අහ ගන්න
මව් පියන් දෙදෙන හට නිතරම කන් දෙන්න
පෙනුමට මිලට නොදෙනු ඔබේ හිත රැවටෙන්න
රැවටුණු තැන ඇත නිතරම දුක් වෙන්න

No comments:

Post a Comment